29.4 C
Galle

දේශීය සහල් සඳහා උපරිම මිලක්

Published:

දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද (02) රාත්‍රී රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සහ රතු නාඩු වාෂ්පයෙන්තැම්බූ දේශීය සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 220.00ක් ලෙසත්, වාෂ්පයෙන් තම්බන ලද සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 230.00ක් බවටත් දේශීය කීරි සම්බා කි‍ලෝ ග්‍රෑමයක් රුපියල් 260.00ක් ලෙසත් උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.   

Related articles

spot_img
error: Content is protected !!