28.7 C
Galle

හබරාදුවේ ළිඳක බැම්මක් කැඩී දරුවන් සිව් දෙනකු ළිඳට වැටේ. එක් අයකුගේ දිවි අහිමිවෙයි

Published:

ළිඳක දිය නෑමට ගිය පාසල් වයසේ දරුවන් සිව් දෙනකු අද (03) සවස ළිඳට වැටී එක් අයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ මෙම අනතුර සිදුව ඇත. ඔවුන් සිව්දෙනා ළිඳකට දිය නෑමට ගොස් එම ළි‍‍ඳේ බැම්ම මත වාඩිවී සිටිය දී එය කැඩී හතර දෙනා ම ළිඳට වැටී තිබේ. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන ඇතත් එක් දරුවකු රොහල්ගත කරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!