30.5 C
Galle

හර්තාලයට වෛද්‍යවරුන්ගේ සහායත් ලැබෙයි

Published:

ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 06 වැනි දා දීප ව්‍යාප්තව පැවැත්වෙන හර්තාලයට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ද සහයෝගය දක්වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ එම හර්තාලයට සහය දක්වමින් සියලු ම පෞද්ගලික චැනල් මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගන්නා බවයි.

රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති අවස්ථාවක දී ආණ්ඩුවට එරෙහිව බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරන මෙම හර්තාල් ව්‍යාපාරයට සහය ලබාදෙන තම සන්ධානය අනෙකුත් සියලුම වෘත්තී්‍ය සමිතිවලින්ද ඉල්ලා සිටින බව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර දෙදෙනාගේ අත්සනින් එම මාධ්‍ය නිවේදනය නිකුත්කර තිබේ.

Related articles

error: Content is protected !!