27.2 C
Galle

බාල පෙට්‍රල් වෙළෙඳ පොළට එයි ? වීඩියෝ සාක්ෂි මෙන්න

Published:

ප්‍රමිතියෙන් බාල, අපද්‍රව්‍ය සහිත ‍පෙට්‍රල් වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි ජනතාව චෝදනා කරති.

අද (05) නාරම්මල නගරයේ ඇති ඉන්ධන පිරවුම්හළකට ඉන්ධන රැගෙන ආ බවුසරයකින් සාම්පලයක් රැගෙන පරීක්ෂා කිරීමේ දී එම පෙට්‍රල් බෝතලකට දැමූ විට ද්‍රාවණ දෙකකට පැහැදිළිව වෙන්වී ඇත. එහි යට එක් ද්‍රවාණයක් තිබූ අතර උඩ පාවෙමින් තිබූ අනෙක් ද්‍රාවණයේ කුඩා කැබලි සහිත අපද්‍රව්‍ය ඇති බව එහි සිටි ජනතාව පෙන්වා දෙති.

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම් හළේ බලධාරීන් එම පෙට්‍රල් තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඒ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබේ.

පාරිභෝගිකයන් පවසන්නේ මෙම බවුසරය නාරම්මල ඉන්ධන පිරවුම්හළට පැමිණීමට පෙර ඉන්ධන පිරවුම්හල් කිහිපයකට ම පෙට්‍රල් ලබා දී ඇති බවයි.

එම ප්‍රමිතියෙන් බාල ඉන්ධන තොගය සම්බන්ධ වීඩියෝවක් පහත ඇත.

Related articles

spot_img
error: Content is protected !!