27.2 C
Galle

පොලිසිය සහ ගැමියන් අතර ගැටුමක්, පොලිසියෙන් වෙඩි. ගැමියෝ පොලිසියට එළව එළවා පහරදෙති

Published:

අක්කරපත්තුව පොලිසිය සහ පලමුණේ ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි ද ඒ හේතුවෙන් එක් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

හිස් වැසුම් නැතිව ගිය යතුරුපැදිකරුවකු නතර කිරීමට පොලිසිය ගත් උත්සාහයේ දී අණ නොතකා මාර්ග බාධක අතරින් ගමන්ගත් ඔහු ලිස්සා ගොස් ඇද වැටුණු බව පොලිසිය කියයි. ඔහු තුවාල ලැබීමෙන් පසු එතැනට පැමිණි ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර නොසන්සුන්තාවක් ඇතී වී තිබෙන අතර නොසන්සුන්තාවය පාලන කිරීම සඳහා පොලිස් නිලධාරියකු විසින් වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයකු තුවාලවීම හේතුවෙන් උරණ වූ ගම්වාසීන් පොලිසියට එළව එළවා පහර දී ඇතැයි මාධ්‍යවේදීහු කියති.

Related articles

spot_img
error: Content is protected !!