29.9 C
Galle

රුහුණේ ඉංජිනේරු සිසුහු, ආචාර්යවරු පෙරටුව ගාල්ලට පා ගමනින් එති

Published:

ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීට ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවේ ඒකාබද්ධව පා ගමනකින් ගාල්ල නගරයට ගමන් ආරම්භ කළහ.

හපුගල ආරච්චිකන්දේ පිහිටි ඉංජිනේරු පීඨය ඉදිරිපිටින් පා ගමන ආරම්භ විය.

ඔවුන් අද පැවැත්වෙන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් මෙලෙස විරෝධතා පාගමනක යෙදෙන අතර ගාල්ල නගරයේ ගෝඨාගෝ ගම අසළට රැස්වී සවස් කාලයේ උද්ඝෝෂණයක නිරතවීමට ද නියමිතව තිබේ.
කිලෝ මීටර 07ක පමණ දුරක් ඉංජිනේරුපීඨ ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියෝ විරෝධතා පා ගමනේ යෙදෙති.

Related articles

spot_img
error: Content is protected !!