27.4 C
Galle

රුසියානු බෝම්බ ප්‍රහාරයකින් යුක්රේන් පාසලක හැටක් මරුට

Published:

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ගම්මානයක පාසලකට රුසියානුවන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ලුහාන්ස්ක් ආණ්ඩුකාරවරයා පැවසුවේ පුද්ගලයන් 90 දෙනෙකු පමණ නවාතැන් ගෙන සිටි පාසලට සෙනසුරාදා රුසියානු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එමඟින් ගොඩනැගිල්ල ගිනිබත් වූ බවයි.

සුන්බුන් අතරින් තිස් දෙනෙකු ඉවත් කර ඇති අතර ඉන් හත් දෙනෙකු තුවාල ලබා ඇත. හැට දෙනෙකු මියගොස් ඇතැයි විශ්වාස කරන අතර මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති බව ආණ්ඩුකාරවරයා පැවසීය.

https://www.reuters.com/world/europe/ukraine-azovstal-steelworks-evacuation-focuses-wounded-medics-2022-05-08/

Related articles

error: Content is protected !!