27.8 C
Galle

බන්ධනාගාර රැඳවියන් කොළඹ ගැටුමට ආවේ කෙසේ ද ? වහාම පරීක්ෂණයක් ඕනෑ

Published:

විවිධ ප්‍රදේශවලින් කොළඹ අරලියගහ මන්දිරයට පැමිණ ඉන් පසු මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කිරීමට ගිය පිරිස් කොළඹ ප්‍රදේශවාසීන් සහ අරගලකරුවන් විසින් තැන තැන දී කොටුකරගන්නා ලදී.

ඒ අවස්ථාවේ දී බන්ධනාගාර රැඳවියන් පිරිසක් ද කොටුවී ඇත. ඔවුන් අසරණව බයාදු ලෙස කියා සිටින්නේ තමන් වටරැක බන්ධනාගාරයේ පුනරුත්ථාපනය වන බවයි. රාමනායක නමැති නිලධාරියකු සමඟ තමන් අද බසයකින් කොළඹ පැමිණි බව ද ඔවුහු කියති.

වටරැක බන්ධනාගාරයේ පුනරුත්ථාපනය වන රැඳවියන් කොළඹ ගැටුමක දී කොටුවූයේ කෙසේ ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

Related articles

error: Content is protected !!