32.2 C
Galle

ගාලු මුවදොර බාධක ඉවත්කරන්න යැයි පොලිසිය කළ ඉල්ලීම අධිකරණයෙන් කල් දමයි

Published:

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ප්‍රවේශවන මාර්ගවල ඇති බාධක ඉවත්කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සළකාබැලීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (10) නියෝග කළේය.

පසුගිය සිකුරාදා (06) කොටුව පොලිසිය විසින් අධිකරණය හමුවේ වාර්තාවක් ගොනුකරමින් මෙම ඉල්ලීම කර තිබිණි. එදින කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ එය සළකා බැලීමට නියෝග කර තිබිණි.

ඒ අනුව අද දිනනයේ දී ද එය 12 වැනි දා දක්වා කල් තබනු ලැබීය.

Related articles

spot_img
error: Content is protected !!