27.1 C
Galle

තත්වය භයානකයි, ශ්‍රී ලංකාවට යන්න එපා යැයි රටවල් රැසක් සිය වැසියන්ට කියයි

Published:

ශ්‍රී ලංකා‍වේ සංචාර‍ය කිරීමෙන් වළකින ලෙස ලෝකයේ රටවල් රැසක් සිය වැසියන්ට දැනුම් දී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් කඩා වැටීමේ දැඩි අවදානමක් හටගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් ඇති බවත්, ඊට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී ඇති බවත් එම රටවල් විසින් දැනුම් දී තිබේ.

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව මෙන්ම රට පුරා ඇතිවූ ගිනි තැබීම් නිසා දැනට ශ්‍රී ලංකාවට ගොස් සිටින අයට ද තම සංචාරය අවසන් කර හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස ද දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!