26.7 C
Galle

අද සවස රනිල් දිවුරුම් දෙයි

Published:

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද(12) සවස 6.30ට ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය.

ඔහු අග්‍රාමාත්‍ය ධූරයට පත්වන හයවන වතාව මෙයයි. ලෝක දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගනනක් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ වාර්තාවට මේ වනවිටත් හිමිකම් කියා තිබූ රනිල් එය තවත් එක් වාරයකින් වැඩිකරගනී. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකු පමණක් සිටින පාර්ලිමේන්තුවක එම මන්ත්‍රීවරයා රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමේ අතිශය දුර්ලභ අවස්ථාව ද රනිල්ට ලැබී තිබේ. එය ද ලොව කිසිදු රටක මෙතෙක් සිදුවූ දෙයක් නොවේ.

පක්ෂයේ එකම මන්ත්‍රීවරයා ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරු 153කගේ සහාය ලැබී ඇති බැවින් මොහු විසින් පිහිටුවනු ලබන නව ආණ්ඩුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති.

Related articles

spot_img
error: Content is protected !!