25.4 C
Galle

“දේශපාලන බලය වෙනුවෙන් ජනතාව දුක්විඳිය යුතු ද ? මගේ පටු දේශපාලනය නෑ” අගමැති කියයි (වීඩියෝ සහිතයි)

Published:

“පටු දේශපාලනය කරන්න එපා. දේශපාලකයන්ගේ බලය වෙනුවෙන් මිනිස්සු කන්න නැතිව ඉන්න ඕනද ? පෙට්‍රල් නැති වුණාට කමක් නැද්ද ? විදුලි බලය නැතිවුණාට කමක් නැද්ද ? දේශපාලකයන්ට බලය ගන්න ජනතාව දුක්විඳින්න ඕනද ? මගේ ගාව පටු දේශපාලනය නෑ. මම මේ ප්‍රශ්නය විසඳනවා. බහුතරය ගැන කවුරුවත් හිතන්න ඕන නෑ” යැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිය ධූරය භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ පළමු අවස්ථාවේ දී කීවේය.

එහි දී අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ගෝඨාගෝ ගම අරගලය දිගටම තිබිය යුතු බවයි. එම අරගලය වුවමනා බව ද ගෝඨාභය එපායැයි කිසිම මාධ්‍යයක් කීවේ නැති බව ද ඔහු කීවේය. මාධ්‍ය ආයතන තුනක මයික්‍ර‍ෆෝන එකමිටට ගත් අගමැතිවරයා “මේ අයගෙන් කවුද කිව්වේ ගෝඨා ගේන්න එපා කියලා ?” යනුවෙන් ද ප්‍රශ්න කළේය.

Related articles

error: Content is protected !!