25.4 C
Galle

සිව්වැනි වරටත් සමන් ඒකනායක අගමැති ලේකම් ධූරයට

Published:

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක  පත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ඔහු අද (12) සවස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සේදර සෙනරත් අතින් සිය පත්වීමේ ලිපිය බාර ගත්තේය.

සමන් ඒකනායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති ඔහු අගමැති ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ හතරවැනි වතාවටයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගෙන ඇති සමන් ඒකනායක මහතා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත. ඔහු  30ක් ඉක්මවූ සිය පරිපාලන සේවාවේ දී යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ හා මුදල් අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ සහ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයන් හි සේවය කර තිබේ.

Related articles

error: Content is protected !!