25.4 C
Galle

තෙල් තොග අවසන්. ඩීසල් දෙන්නේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති තෙල් තොග අවසන්වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව රෝහල්, විදුලි බලාගාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ඩීසල් නිකුත් කරන බව තෙල් සංස්ථාව පවසයි. ඇඳිරිනීතිය ඉවත්කරන විට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝළිම් දක්නට ඇතත් ඒ ඉන්ධන පිරවුම්හල්වලට තෙල් ලැබී නැතැයි ද වාර්තා වේ.

එසේ වුව ද තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසන්නේ තෙල් සංස්ථාව සතුව ඇති ගබඩාවල ප්‍රමාණවත් තරම් ඩීසල් ඇති බවයි. එමෙන් ම ලබන සඳුදා ඩීසල් තොග ශ්‍රී ලංකාවට ලැබෙන බවත් එතෙක් පවතින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කරගත හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ ඉන්ධන බෙදාහරින බවුසර් රථ හිමියන් සඳහන් කරන්නේ අත්‍යාවශ්‍ය සේවා හැර සාමාන්‍ය බෙදාහැරීම් සඳහා සංස්ථාව විසින් ඩීසල් ලබා නොදෙන බවයි.

Related articles

error: Content is protected !!