25.4 C
Galle

රන්ජන් රාමනායකයට නිදහස ඉල්ලීමට එජාපය සූදානම්

Published:

බන්ධනාගාරගතකර සිටින රංජන් රාමනායක නිදහස් කරගැනීමට සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

එම ඉල්ලීම ඉතාමත් සාධාරණ බවත් ඔහුට වඩා වැරදි කළ අය නිදහස් කර ඇති බැවින් ඔහු නිදහස් කිරීමේ කිසිදු වරදක් නැති බවත් ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැවින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමට කන්දෙනු ඇතැයි ද ඉදිරි දින කිහිපයේ දී රන්ජන් රාමනායකට නිදහස හිමිවනු ඇතැයි ද බොහෝ දේශපාලන විචාරකයෝ විශ්වාසය පළකරති.

Related articles

error: Content is protected !!