25.8 C
Galle

රටේ සැබෑ තත්වය, රටට කියන්න අගමැතිගේ සූදානම

Published:

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිිටින අර්බුදයේ සැබෑ තත්වය පිළිබඳ සඳුදා (16) ජනතාවට සත්‍යය හෙළිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

අගමැතිවරයා පවසා ඇත්තේ ජනතාවට ඇත්ත තත්වය පවසා මේ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

ඉන්ධන, විදුලි බලය, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ, පොහොර ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳ විශේෂ සොයාබැලීම් සිදුකර වාර්තා සකස් කිරීම සඳහා ද අගමැතිවරයා විසින් කමිටුවක් පත්කර තිබේ.

ඒ අනුව නිවාඩු දින ගැන සහ වෙහෙස නොබලා වැඩ කර එම වාර්තා සකසන ලෙස ද අගමැතිවරයා විසින් දැනුම් දී ඇත.

Related articles

error: Content is protected !!