26.6 C
Galle

තෙල් කෝච්චියක් පීලි පනී. දුම්රිය ගමනටත් බාධා

Published:

තෙල් රැගෙන පේරාදෙණිය දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන පීලි පැනීම හේතුවෙන් කොළඹ මහනුවර මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය කන්සල ප්‍රදේශයේ දී පිලී පැන තිබේ.

දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මේ අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුකිරීමට ද සිදුව ඇත.

දුම්රියේ තෙල් තොග පවතින බැවින් යුද හමුදාව සහ ගුවන් හමුදාව එම දුම්රියේ ආරක්ෂාවට යොදවා ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!