26.6 C
Galle

ඇමති නිවාස ගිනි තැබූ අය රිමාන්ඩ්. ගෝඨගෝ ගමට පහරදුන් අය නිදැල්ලේ

Published:

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ ප්‍රාදේශීය සභා නියෝජිත හසන්ත ලක්මාල් පෙරේරා යන අයගේ නිවාස ගිනිතබා දේපළවලට හානිකිරීමේ චෝදනා ලැබූ සැකකරුවන් 05 දෙනකු ලබන 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට  ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ උඩුගම්පොළ, කෙහෙල්බද්දර, වීදියවත්ත, මදුරුවිට ප්‍රදේශවල පදිංචිකරුවන් පස් දෙනෙකි.

ගම්පහ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පසුගිය 09 වැනි දා රාත්‍රී ඔවුන් අයුතු ජන රාශියක සාමාජිකයන් වී නිවෙස් ගිනි තබා දේපළවලට හානි කරන ලදැයි පොලිසිය චෝදනා ගොනුකර තිබිණි.

ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගමට පහරදුන් පිරිස් මේ දක්වාම අත්අඩංගුවට ගැනීමට කිසිදු පොලිසියක් කටයුතු කර නැත. ඔවුන්ගේ ඡායාරූප පවා සමාජ මාධ්‍ය ඔස්සේ පැහැදිලිව දක්වා තිබිය දී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් ගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!