25.8 C
Galle

පහරදුන් මැරයෝ නිදැල්ලේ. පහරදීම් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය පරිපාලකයන්ට එරෙහිව පොලිසි ක්‍රියාත්මක වෙයි

Published:

කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර සිදුවූ සිද්ධීන්වල දී ඒ පිළිබඳ ප්‍රචාරය දෙමින් වෙනත් පිරිස් එම ස්ථානයන්ට කැඳවූ සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92ක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය 09 වැනි දා විවිධ ප්‍රදේශවල සිදුවූ සිද්ධීන්වලට ද ඔවුන් පිරිස් කැඳවා ඇතැයි හෙතමෙ පවසයි.

එම සමාජ මාධ්‍ය ජලා ගිනුම් හා පිටු පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ගාලු මුවදොර ගෝඨාගෝ ගමට පහරදුන් පුද්ගලයන් හෝ කොල්ලුපිටියේ මයිනාගෝ ගමට පහරදුන් පුද්ගලයන් හෝ සම්බන්ධයෙන් පොලිසිය මෙතක් ක්‍රියාකර ඇති බවක් දක්නට නැත. ඔවුන් පිළිබඳ ඡායාරූප සහ වීඩි‍යෝ දර්ශන පැහැදිලිව තිබිය දී පොලිසිය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් මෙතෙක් ප්‍රකාශ කර නැත.

Related articles

error: Content is protected !!