25.8 C
Galle

මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා

Published:

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා විනිසුරු නිලන්ත විමලවීර නියෝග කළේය.

එම නඩුව යළි මැයි මස 27 වැනි දින කැඳවීමට නියමිතය.

පසුගිය 09 වැනි දා නාවලපිටිය නගරයට පෙළපාලියකින් පැමිණි පිරිසක් මහින්දානන්ද පදනමේ කාර්යාලයට පහර දී අලාභ හානි සිදුකළ බවට හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කොල්ලුපිටියේ ස්ථාපිත කර තිබූ මයිනාගෝ ගම සහ ගාලුමුවදොර ස්ථාපිත කර තිබූ ගෝඨාගෝ ගම පරිශ්‍රයන්ට පැමිණ එහි සිටි සාමකාමී අරගලකරුවන්ට මාරාන්තික තුවාල කරමින් ප්‍රහාරයක් එල්ල කළ මැරයන්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්න පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ප්‍රචාරය වුව ද ශ්‍රී ලංකා පොලිසිය ඔවුන් කිසිවෙකුත් මේ දක්වා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නැත.

Related articles

error: Content is protected !!