26.6 C
Galle

අරගලයට පහරදුන් එක් අයෙක් අත්අඩංගුවට

Published:

අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයට පහරදුන් බවට සැකපිට එක් පුද්ගලයකු අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මොරටුව, මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි එම සැකකරු 49 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මොරටුව නගර සභාවේ සේවකයකු බව ද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අරගලයට පහරදුන් පුද්ගලයන් අතර අමාත්‍යාංශ ලේකම්වරයකු ද සිටින බවට ඡායාරූප සාක්ෂිි ඇත. මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!