26.6 C
Galle

රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ගාලු මුවදොරින් පා ගමනක් ඇරඹේ

Published:

කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම ආසන්නයෙන් මේ මොහොතේ පා ගමනක් ආරම්භ වී තිබේ. එය කොල්ලු පිටිය දෙසට ගමන් කරමින් තිබෙන අතර පසුගිය මැයි 09 වැනි දා සාමකාමී අරගලයට එරෙහි ප්‍රහාරයට සහ මැරයන් නිදැල්ලේ සිටිය දී ආණ්ඩුව ඔවුන් රැකීමට එරෙහිව විරෝධය දක්වමින් මේ පා ගමන ආරම්භ කර ඇත.

විවිධ ආගමික නායකයන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් රැසක්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සහ අරගල භූමියට පැමිණි සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ද මෙයට එක්ව සිටිති.

ඔවුන් පවසන්නේ පා ගමනින් කොල්ලුපිටියට ගොස් නැවත ගාලු මුවදොර ගෝඨා ගෝ ගමට පැමිණෙන බවයි.

රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව සංකේතාත්මක ව විරෝධය දක්වමින් මේ පා ගමන පවත්වන බව ඔවුහු කියති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට එරෙහිව මෙම පා ගමන පැවැත්වේ

Related articles

spot_img
error: Content is protected !!