25.8 C
Galle

වෙඩි තබා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න යැයි කියා පොලිසිවලට උපදෙස් ලැබෙයි

Published:

අවශ්‍ය  අවස්ථාවන්වලදී  වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර හෝ ජනතාව ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ

රටේ පවතින තත්වය හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයක ම අපරාධ වැළැක්විමේ ජංගම සංචාර වැඩිකරන ලෙසත්, පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත එමගින් දැනුම් දී ඇත.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ කළහකාරී ක්‍රියා සඳහා සිදුව පෙළඹවීම් පිළිබඳ බුද්ධි අංශ මගින් තොරතුරු හෙළිකරගෙන ඇති බවත් ඒ හේතුවෙන් පුද්ල ඒකරාශී වීම් වැළැක්විය යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

මේ නියෝගය සියලුම ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන්., සහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් , කොට්ඨාශ භාර  නිලධාරීන්  ඇතුළු උසස් නිලධාරීන්  වෙත යොමු කර ඇත.

Related articles

error: Content is protected !!