25.8 C
Galle

නව ඇමති මණ්ඩලයේ පළමු රාජකාරිය, 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසිකර 19 වැනි සංශෝධනයේ සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය ලබාදෙන 21 වැනි සංශෝධනය කඩිනමින් ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අද (15) වීඩියෝ පටයක් නිකුත් කරමිනි.

ඔහු පවසන්නේ එම සංශෝධන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

එම සංශෝධනය ගෙන ඒමෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුවන බව දේශපාලන විචාරකයෝ කියති.

Related articles

error: Content is protected !!