27.5 C
Galle

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම අද සිට වෙනස් කරයි

Published:

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීම හෙට (17) දිනයේ සිට වෙනස් වීමට නියමිතය.

මේ වෙනස්කම් අද (16) සවස සිදුකරන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ආණ්ඩුවට සහාය පළකරන මන්ත්‍රී කණ්ඩායම් සහ ඇමතිධූර සඳහා පත්වන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොමැතිවීම හේතුවෙන් එම කටයුතු අමාත්‍යමණ්ඩලය පත්කරන තුරු ප්‍රමාදවනු ඇතැයි ද වාර්තා වේ.

මෙතෙක් විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සිටින ආණ්ඩුපක්ෂය පාර්ශ‍වයේ ඉදිරි පෙළ අගමැති ආසනය හිමිවීම අනිවාර්ය වෙයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ද එම පැත්තේ ම ආසනයක් වෙන්කෙරෙන අතර ඔහු හිටපු ජනාධිපතිවරයකු ද වන බැවින් ඉදිරිපෙළ ආසනක් හිමිවීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!