27.5 C
Galle

ලොම් හැලිච්ච උගුඩුවෙකුට බය වූ මිනිස්සු

Published:

මාතර මිදිගම ප්‍රදේශයෙන් හඳුනානොගත් සත්වයෙකු හමුවී ඇති බවත් මේ සතා නිසා ප්‍රදේශවාසීන් බියට පත්ව ඇති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

එම සත්වයා ගම්මාන රැසක සැරි සැරූ බවත් හඳුනානොගත් සත්වයකු බැවින් ගම්වාසීන් සතා අල්ලා ගැටගසාගෙන මාතර මිරිස්ස වනජීවී කාර්යාලයට දැනුම් දුන්න ද කිසිවෙකුත් නොපැමිණි බව ද එම ප්‍රචාරයවල කියැවෙයි.

මේ සත්වයා හඳුනා නොගත් සත්ව විශේෂයක් නොවේ. ශ්‍රී ලංකාවේ බහුලව වාර්තාවන උගුඩුවෙකි. සත්ව විද්‍යාත්මකව Paradoxurus hermaphroditus ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් Asian palm civet ලෙසත් හඳුන්වන උගුඩුවා දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ හොඳින් ව්‍යාප්තව සිටින සත්ව විශේෂයකි.

උගුඩුවා, උරුලෑවා වැනි සතුන්ට වරින් වර චර්ම රෝග වැළඳෙන අතර මේ උගුඩුවා ද එවැනි චර්ම රෝගයක වැළදීම හේතුවෙන් සිරුරේ ලොම් සම්පූර්ණයෙන් ම හැලී ගිය සත්වයෙකි.

මෙම සත්වයා වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමේ අවශ්‍යතාව් නැත. අවශ්‍ය වන්නේ අල්ලා ගැටගැසූ කඹය කපා ස්වභාවික පරිසරයට නිදහස් කර දැමීම පමණි.

Related articles

spot_img
error: Content is protected !!