25.8 C
Galle

පාර්ලිමේන්තු රැස්වීම අද. ඡන්ද විමසීම් ගැන අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමේ දී

Published:

පාර්ලිමේන්තුව අද (17) රැස්වීමට නියමිතය.

එලෙස රැස්වූ විට පළමු කාර්යය වන්නේ නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමයි.

මේ වනවිට මන්ත්‍රීවරු දෙදෙනකුගේ නම් ඒ සඳහා යොජනා වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අජිත් රාජපක්ෂ සහ සමගි ජන බලවේගයෙන් රෝහිණී කවිරත්න දෙදෙනා එම තනතුර සඳහා ඉදිරිපත් කරන බව සඳහන් වේ.

මේ හේතුවෙන් අද (17) දිනයේ දී ද නියෝජ්‍ය කතානායකවරයකු තෝරාපත්කර ගැනීම සඳහා නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇත.

නියෝජ්‍ය කතානායක තෝරා පත්කර ගැනීමෙන් පසු ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කරගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.

ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙයි.

අද උදෑසන 8.30ට කතානයකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට නියමිතය.

Related articles

error: Content is protected !!