28.7 C
Galle

ගාල්ලේ නිවාස ගිනිතැබූවා අය ගැන වීඩියෝ සාක්ෂි ගැටලුවක්. අත්අඩංගුවට ගත් පිරිසකට ඇප

Published:

ගාල්ලේ මන්ත්‍රීවරුන්ගේ නිවාස කිහිපයකට ගිනි තබා අලාභහානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 06 දෙනකු අතරින් 05 දෙනකු ඇප මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (16) නියෝග කළාය.

සැකකරුවන් 06 දෙනකු පොලිසිය විසින් අධිකරයට ඉදිරිපත් කළ අතර ඔවුන් විසින් කරන ලද ක්‍රියාවන් පැහැදිළිව දැක්වීමට පොලිසිය අසමත්විය.

පොලිසිය කියා සිටියේ මෙම පුද්ගලයන් හිටපු අමාත්‍යවරුන් වන මොහාන් පී. ද සිල්වා, චන්දිම වීරක්කොඩි සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් යන අයගේ නිවාස ගිනිතබා අලාභහානි කළ බවට වීඩියෝ සාක්ෂි ඇති බවයි.

නමුත් අධිකරණයේ දී එම වීඩියෝවලින් අදාල සැකකරුවන් හඳුනාගත නොහැකි වූ බව ද පොලිසිය ප්‍රකාශ කළෙන් මහේස්ත්‍රාත්වරිය එක් සැකකරුවකුට හැර අනෙක් සැකකරුවන්ට අපප ලබා දීමට නියෝග කරන ලදී.

නීතිඥවරු කණ්ඩායමක් මෙම සැකකරුවන්‍ වෙනුවෙන් පෙනී සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!