25.8 C
Galle

ඇමතිකම් ඉල්ලූ අය ගැන, අගමැති මතක් කළ විට පාර්ලිමේන්තුව නිහඬ වෙයි

Published:

මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය වෙනස් කර ජාතික සභාවක් ලෙස කටයුතු කරමුයැයි අද (17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු මන්ත්‍රීවරුන් හමුවේ කියා සිටියේය.

අගමැතිවරයා සිය කතාව ආරම්භ කරන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රීවරු රැසක් කෑ කෝ ගසන්නට වූ විට අගමැතිවරයා කියා සිටියේ තමන්ට කතා කරන්නට දී එය අවසන් වූ පසු අනෙක් කෙනා කතාකරන ලෙසයි. නමුත් ඔවුන් තම කෑ ගැසීම නතර කළේ නැත.

මද වේලාවක් ඔවුන් දෙස බලා සිටි අගමැතිවරයා “ඔය කෑ ගහන අය මගෙන් ඇමතිකම් ඉල්ලුවා මතක නැද්ද ?” යැයි ප්‍රශ්න කළේය. ඒ සමඟ සභාව නිහඬ විය

අගමැතිවරයා එහි දී‍ මෙසේ ද කීවේය.

“රටේ ප්‍රශ්නයක් තියෙනවා. එක පක්ෂයක තනි මන්ත්‍රී. මම මේක බාර ගත්තේ ප්‍රශ්න විසඳන්න. ඒකට අපි හැමෝම හොඳට සාකච්ඡා කරලා තීරණ ගන්න ඕනෑ. නැත්නම් මේ රට ඉතාමත් නරක තැනකට ගමන් කරාවි. ඒකට හැමෝගෙම සහයෝගය ඕනෑ.”

Related articles

error: Content is protected !!