28.7 C
Galle

මාධ්‍යවේදීන්ගේ දුරකථන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැහැරගෙන

Published:

පාර්ලිමේන්තුවේ කටුතු වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනකුගේ ජංගම දුරකථන අද (17) ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු විසින් පැහැරගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කතානායකට දැනුම් දුන්නේය.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම සොයා බලා එම දුරකථන යළි ලබාදීමට කටුයතු කිරීම අවශ්‍ය බවයි.

අද උදෑසන ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අවසන් වී පැමිණෙන මන්ත්‍රීවරුන් විසින් මාධ්‍යවේදීන්ගේ දුරකථන පැහැරගෙන ඇති බවත් ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාව ප්‍රකෝප වූයේ මන්ත්‍රීවරුන්ගේ චණ්ඩිකම් නිසා බවයි. එබැවින් මේ චණ්ඩිකම් දැන්වත් නවත්වන ලෙසත් එසේ නොවුවහොත් මන්ත්‍රීවරුන්ට පාරට බසින්නවත් නොහැකි වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!