28.7 C
Galle

“අරගලයට පහරදුන් මැරයන් අදත්, හෙටත් අත්අඩංගුවට ගන්නවා” පොලිස්පති නීතිඥ සංගමයට පොරොන්දුවක් දීලා

Published:

කොල්ලුපිටියේ මයිනාගෝ ගමට සහ ගාලුමුවදොර ගෝඨාගෝ ගමට පසුගිය මැයි 09 වැනි දා පහරදුන් බවට සැකකරන සියලුම දෙනා අද (16) සහ හෙට (17)  දෙදින තුළ අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පොරොන්දු වී තිබේ.

ඔවුන් මෙලෙස පොරොන්දු වී ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නියෝජිතයන් පිරිසක් පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති ඇතුළු නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී ය.

‍මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්‍නේ පොලිස්පතිවරයාගේ ආරාධනයෙන් එම හමුව පැවැත්වූ බවයි.

මෙම පහරදීම සම්න්ධයෙන් මහජන විශ්වාසය ඇති කිරීමේ අවශ්‍යතාවත් ඒ සඳහා පොලිසිය කඩිනම් සහ ඵලදායී ක්‍රියාමාර්ග ගත යුතු බවත් නීතිඥ සංගමය අවධාරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!