26.5 C
Galle

චම්පික, මනූෂ සහ හරීන් අගමැතිගේ ළමයා රකින්න වීදුරු පාලමට නගී ?

Published:

රටේ ඇති ආර්ථික සහ දේශපාලනික අර්බුද විසඳීම සඳහා අග්‍රාමාත්‍යධූරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහයේ දී ඔහුට සහය දීමටනම් ඉටුවිය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තම ස්ථාවරය දක්වමින් පාඨලී චම්පික රණවක, මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු අගමැතිවරයාට යැවූ ලිපිවලට පිළිතුරු ලිපි ලැබී ති‍බේ.

පාඨලී චම්පික රණවක වෙනම එක් ලිපියක් යවා තිබූ අතර මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනා එක්ව ලිපියක් ද යවා තිබිණි.

අගමැති වරයා ඔවුන් තිදෙනාට ම ලිපි දෙකකින් ඉතාමත් සාධනීය පිළිතුරු ලබා දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව ආණ්ඩුව පිහිටුවීමේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දීමත් එම ලිපිවලට ලබාදුන් ලිඛිිත පිළිතුරු අනුව අදාල කරුණු සාක්ෂාත් කරගැනීමටත් ඔවුන් සූදානම්ව සිටින බව ද දැනගන්නට ඇත.

Related articles

error: Content is protected !!