30.5 C
Galle

“මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් දුන් කතාව බොරුවක්” – ඇමති කංචන

Published:

පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අංශයේ ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන පොම්පයේ මිල ගණන් යාවත්කාලීන කර නැති බවත් එහි ඉන්ධන නිකුත් කරන්නේ වෙළෙඳ පොළ දැන් පවතින මිලට පමණක් බවත් ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර අද (19) පාර්ලිමේන්තුවේ දී කීවේය.

මාධ්‍ය මගින් එම පොම්පය පෙන්වමින් එහි රුපියල් 121.00ට ඉන්ධන ලීටරයක් ලබාදෙන බව පැවසුව ද එය අසත්‍යයක් බවත් ලීටර ගණන අනුව පවතින මිලට අයකිරීම් අත්පිට මුදලට සිදුකර ඇති බවත් හෙතෙම කියයි.

මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද කියා සිටියේ තමන්ට කිසිම අවස්ථාවක දී වෙළෙඳ පොළ පවතින මිලට වඩා අඩු මිළට ඉන්ධන නොලැබුණු බවයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ පොලිස් ඉන්ධන පිරවුම් හළේ මීටරය වසර 04කින් යාවත් කාලීන කර නොමැති බැවින් අද එම ස්ථානයේ ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා යාවත්කාලීන කිරීම ඇරඹූ බවයි. ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!