26.5 C
Galle

Litro ගෑස් බෙදීම හිතාමතා ප්‍රමාද කරයි. නිලධාරීන් කෝප් කමිටුවට ?

Published:

ගෑස් නැවකට ගෙවීම් සිදුකර තිබිබය දී එම ගෑස් ගොඩබෑම ප්‍රමාද කිරීම සහ බෙදාහැරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් ඇතැයි අගමැතිවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පෙරේදා (17) අයහපත් කාලගුණික තත්වය යැයි පවසමින් ගෑස් ගොඩබෑම් සිදුකර තිබුණේ නැත. අගමැතිවරයා පවසන්නේ ලොරි යොදවා ගෑස් බෙදා හරින ලෙස සමාගමට උපදෙස් දී තිබුණ ද ඊයේ (19) රාත්‍රී 8.00 වනතුරු ලොරි යොදවා තිබුණේ නැති බවයි.

මේ ගැන ‍වහාම විමර්ශනයක් කළ යුතු බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය. නිලධාරීන් වෙන වෙනම කෝප් කමිටුවට කැදවා මේ ප්‍රමාදයන් ගැන විමර්ශනය කළ යුතු බව ද  හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මීට ඉහත දී ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දීර්ඝ ලිපියක් යවමින් ගෑස් සමාගමේ නිලධාරීන්ගේ අකටයුතුකම් පැහැදිළි කර තිබිණි. ගෑස් නැව් ගෙන්වීම හිතා මතා ප්‍රමාද කිරීම එම නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා එම ප්‍රමාද ගාස්තුවලින් කොමිස් මුදල් ලබාගැනීම යන චෝදනා ලිට්‍රෝ සමාගමේ නිලධාරීන්ට එල්ල වී තිබිණි.

Related articles

error: Content is protected !!