30.5 C
Galle

අන්තරේ පා ගමනට පොලිසියෙන් ප්‍රහාරයක්

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (19) කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලිස් කැරළි මර්ධන ඒකකය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල ක‍ර තිබේ.

මෙම පා ගමනට කොළඹ මාර්ග කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද අත නිකුත් කර තිබිණි. මේ අතර එම පා ගමන කොළඹ ජනාධිපති මන්දිරය දෙසට ගමන්කරමින් තිබූ අතර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසළ දී එයට නතර කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

විරෝධතාවයේ යෙදුණු විශ්වවිද්‍යාල සිසුන් අණ නොතකා ඉදිරියට යාමට උත්සාහ කිරීම හේතුවෙන් එය විසුරුවාහැරීමට කටයුතු කළේ යැයි පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!