27.4 C
Galle

අධිකරණ සේවයට කැඳවන්නේ, අත්‍යාවශ්‍යම අය පමණයි

Published:

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2022 ට අනුව අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් හෙට (20) දින කැඳවිය හැකි බව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නියම කර තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එච්.සංජීව සෝමරත්නගේ අත්සනින් යුතුව සියලුම මහාධිකරණ විනිශ්චයකාරවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

පවතින ප්‍රවාහන අපහසුතා සහ අනෙකුත් අවස්ථානුගත කරුණු සැළකිල්ලට ගෙන හෙට දින අගතිගාමී නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටීම සුදුසු යැයි ද එමගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related articles

error: Content is protected !!