27.4 C
Galle

අධ්‍යාපන අයිතිය අහිමිවීම ගැන රටට ම කී දරුවාට සාධාරණය ඉල්ලා ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි

Published:

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවකු විසින් ඊයේ (19) සමාජ මාධ්‍යවෙත මුදාහරින ලද සජීවී වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ළමා ආරක්ෂණ සන්ධානය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමණිල්ලක් යොමුකර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ දරුවකුගේ මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය කඩාකප්පල් කිරීම සහ ඒ පිළිබඳව අදාල බලධාරීන් ක්‍රියාත්මක නොවීම, ශාරීරික දඬුවම් තහනම් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛන අංක 12/2016ට පටහැනිව පාසල් සිසුන්ට ශාරීරික හිංසන සිදුකිරීම යන කරුණු දෙක සම්බන්ධයෙන් පරීක්සණ්‍යක් පවත්වා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි

ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කරුවන් වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ නීතිවේදී කෞෂාල් රණසිංහ දෙදෙනා විසින් මේ පැමිණිල්ල යොමුකර තිබේ.

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ නිශාන් ප්‍රබෝධන නමැති සිසුවකු විදුහල්පති ඇතුළු විද්‍යාලයේ ගුරුභවතුන් විසින් තම අධ්‍යාපන අයිතිය අහිමිකළ බවට චෝදනා කරමින් මෙම වීඩියෝව සජීවීව සමාජ මාධ්‍යයට නිකුත් කර තිබිණි.

Related articles

error: Content is protected !!