27.4 C
Galle

පාර්ලිමේන්තු ආ, නාමල් රාජපක්ෂ කළ ඉල්ලීම

Published:

අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් විනාශ කරපු, මිනිස්සු මරපු මේ දේවල් කරපු හැමෝටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න” යැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කරන ලද කරුණු දැක්වීමකට පිළිතුරු වශයෙන් අදහස් ප්‍රකාශ කරමිනි.

“වෛරය වපුරවන්න එපා. අරගලයට මැරයන් පහර දෙන අවස්ථාවේ දී එතන හිටපු කොල්ලොත් පොලු අතට ගත්තා. තමන්ට මරන්න ගහන කොට ඒ අයත් ගහනවා. මේ ගහපු අයගේ පින්තූර පෙන්න පෙන්න ඒ අයව අත්අඩංගුවට ගන්න කියනවා. මේ විදියට වෛරය වපුරුවන්න එපා. මම කියන්නේ නෑ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා.”

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ කීවේය.

“දැන් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, මහජනතාවගේ ආරක්ෂාව නැතිවෙලා. කොළඹ බාර පොලිස් නිලධාරියාට ඔළුව පැලෙන්න ගහනවා. මන්ත්‍රීවරු මරපු කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ගෙවල් ගිනි තියපු අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ, නැතිනම් මේ සමාජය බිඳ වැටීම නවත්වන්න බැරි වෙනවා. සමාජය බිඳවැටෙන්න දෙන්න එපා. සංවිධානාත්මකව මේවා මෙහෙයවපු අය පිටිපස්සේ කිසිම දෙයක් නොදැන පිටිපස්සෙන් ගිය පිරිසක් හිටියා. එයාලව පුනරුත්ථාපනය කරන්න ඕනෑ. අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් විනාශ කරන්න පුළුවන්නම් මිනිස්සු මරන්න පුළුවන්නම් මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙයනවා. මේ විනාශය මෙහෙයවපු අයට ගෙවල් ගිනි තියපු අයට මරපු අයට පක්ෂ බේදයක් නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න. CID එක මන්ත්‍රීවරුන්ගෙන් කටඋත්තර ගත්තා. බාරවෙන්න කියපු අය ගිහින් බාරවුණා. අපි ඒ පරීක්ෂණවලට උපරිම සහයෝගය දෙනවා.”

Related articles

error: Content is protected !!