27.1 C
Galle

“කපුටු කාක් කාක්” කියූ පාසල් දරුවන්ට මන්ත්‍රී‍ගේ සහෝදරයෙක් පහර දීලා

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ස‍හෝදරයකු පාසල් සිසුන් 10 දෙනකුට පහර දුන් බවට අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.

මෙම පහරදීම සිදුකර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්ව වශයෙන් කටයුතු කරන ඔහුගේ ම සහෝදරයා විසින් බව ද පවසයි.

එම සිසුන් ඔහුගේ නිවස ඉදිරිපිට සිටිමින් යම් තාලයකට අනුව නලා ශබ්ද කළා යැයි පවසමින් ඔවුන්ට වේවැලකින් පහර දී තිබේ. එම තාලය “කපුටු කාක් කාක්” යනුවෙන් හැ‍ඟවෙන බව ද පවසයි.

මෙම පාසල් දරුවන් කණ්ඩායම වෙසක් බලන්නට යමින් සිටිය දී අදාළ නිවස ඉදිරිපිට මෙලෙස නලා ශබ්ද කර ඇත.

පොලිසිය පවසන්නේ පැමිණිලි පාර්ශවය සහ විත්තිකාර පාර්ශවය පොලිසියට කැඳවා සිද්ධිය සමථයකට පත්කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!