27.1 C
Galle

ගාල්ලේ මී උණ දරුණු වෙයි. ප්‍රදේශ ගණනාවකින් රෝගීන්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ පසුගිය සති කිහිපයේ දී මී උණ රෝගය බවට තහවුරු කරගත් මරණ 03ක් දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.

මේ වනවිට මී උණ රෝගීන් 146 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 34 දෙනකු ම වාර්තා වී ඇත්තේ ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මී උණ රෝගීන් 24 දෙනෙක් ද කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් 15 දෙනෙක් ද වාර්තා වී තිබේ.

කුඹුරු ගොවිතැන ආරම්භ වී ඇති බැවින්, කෘෂිකාර්මික කටයුතුවල ‍නිරතවන නිර්දේශිත  ප්‍රතිජීවක  ඖෂධ ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි. එමෙන් ම කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන අයට උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!