27.4 C
Galle

විදෙස් සහය ලැබෙතැයි අපේක්ෂාව සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී

Published:

G7 සමුළුවේ රටවල් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාගැනීම සඳහා සහය වීමට තීරණය කර තිබූ අතර ජපාන රජය ශ්‍රී ලංකාවට ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාර ලබාදෙන බව ද ප්‍රකාශ කෙරිණි.

මෙවැනි ආධාර ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යම් තරමකට පාලනය කරගත හැකිවනු ඇතැයි යන විශ්වාසයත් සමග අද (20) කොළඹ කොටස් වෙළෙඳ පොළ ද ඒකක 91කින් ඉහළ ගියේය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (18) දිනයේ ගනුදෙනු 14,808ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,978ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 91කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,265ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 900
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 133
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 132

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 15
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 12
  • සොෆ්ට් ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • රම්බොඩ ෆෝල්ස් හෝටලය 18%
  • නේෂන් ලංකා සමාගම 16%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 264
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන  183

සංවෘත කවය තුළ ගනු දෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 15ක් රුපියල් 80.50 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 366,000 රුපියල් 135.00 බැගින්
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.4ක් රුපියල් 9.60 බැගින්
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම කොටස් 397,000ක් රුපියල් 77.00 බැගින්

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 184ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 304කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 120ක ආයෝජනය අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 05
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.9
  • හේමාස් සමාගම 1.4
  • හේලීස් සමාගම රුපියල් මිලින 1.2

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 126
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 4.9
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 2.5
  • ලංකා වෝල් ටයිල්ස් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!