28.4 C
Galle

ගාල්ල බද්දේගම පාර බලගොඩින් වසා දමා තෙල් ඉල්ලා උද්ඝෝෂණයක්

Published:

ගාල්ල බලගොඩ හන්දියේ පිහිටි ඉන්ධන පිරවුම්හළ අසළ කලබලකාරී තත්වයක් හටගෙන තිබේ. දින දෙකකට වැඩි කාලයක් එම ස්ථානයේ පෝළිම්වල රැඳී සිටිය ද අද (21) ඉන්ධන නොලැබීම හේතුවෙන් ජනතාව එම ස්ථානයේ උද්ඝෝෂණ ආරම්භ කර තිබේ.

අද උදෑසන ඉන්ධන ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඊයේ රාත්‍රී සිට පෝළිම්වල රැඳී සිටි ජනතාව මේ වනවිට එම ස්ථානයෙන් ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය වසා වි‍රෝධය දක්වති.

මේ හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගයේ කිසිදු වාහනයකට ගමන් කිරීමට හැකියාවක් නැත. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගම්වාසීන් පවසන්නේ තෙල් ‍ලැබෙන තුරු මාර්ගය විවෘතව නොකරන බවයි.

Related articles

error: Content is protected !!