28.4 C
Galle

ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් වෙයි ?

Published:

ජනතා විරෝධය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය ගැටලුකාරී වී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉන්ධන පිරවුම්හල් අසළ පෝළිම්වල සිටිය දී එම ස්ථානවලින් වෙනත් දුරබැහර ප්‍රදේශවලට ඉන්ධන රැගෙන යන බවුසර් නවත්වා ගන්නා බවත් ඒවාට ඉන්ධන ගොඩබාන ලෙස බලපෑම් කරන බවත් ඔහු පවසයි.

ඇතැම් තැන්වල දී එලෙස ඉන්ධන ගොඩබෑම නොක‍ළහොත් බවුසර ගිනි තියන බවට ද තර්ජනය කර ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඇමතිවරයා පවසන්නේ මෙය සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදුකරන්නේ ද පිළිබඳ සොයා බලන බවයි. තවදුරටත් එසේ කටයුතු කරන්නේ නම් ඉන්දන බෙදාහැරීම නතර කිරීමට සිදුවන බව ද ඔහු කීවේය.

Related articles

error: Content is protected !!