27.1 C
Galle

රනිල්ගේ ඇමති මණ්ඩලයට රිංගන්න, පොහොට්ටු මන්ත්‍රීලා පොරකති

Published:

රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍යධූරය යටතේ කැබිනට් මණ්ඩලය සඳහා තවත් අමාත්‍යවරු 12 දෙනකු පත්කිරීමට නියමිතව තිබේ.

එම ඇමතිධූර සඳහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරම‍ුණෙන් පමණක් මන්ත්‍රීවරු 40ක් පමණ බල අරගලයක නිරතව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 10 දෙනකු ද ආණ්ඩුවට සහයෝගය දීමට නියමිතය.

ඉදිරියේ දී කැබිනට් අමාත්‍යධූර 12ක් සහ නියෝජ්‍ය අමාත්‍යධූර 30ක් පත්කරන බව ද දැනගන්නට ඇත.

එම අමාත්‍යවරු සියලු දෙනා ලබන සඳුදා (23) පත්කිරීමට නියමිත අතර පළමු කැබිනට් රැස්වීම ද එදිනම පැවැත්වෙන බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!