28.4 C
Galle

බසයක ගිය දරුවාගේ හිස ලොරියක වැදී මරුට

Published:

ලංගම බසයක පසුපස ආසනයේ සිය ම‍ව‍ගේ උකුළේ සිටි දරුවකුගේ හිස මාර්ය අයිනේ නවතා තිබූ ලොරියක වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මිය‍ොස් ඇත්තේ තම්මිට, උස්සාපිටියේ පදිංචි සචින්ත පැතුම් කුමාර නමැති වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකි.

හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ඔහුගේ සහෝදරයා සහ මවත් පියාත් සමඟ මාවනැල්ලට ගොස් රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය වන බසයක පිටුපස අසු‍නේ එම හතරදෙනා පැමිණ ඇත.

මෙම මාර්ගයේ කීරගල ප්‍රදේශයේ මහ මඟ නවතා තිබූ ලොරියක් පසුකර බසය ධාවනය වනවිට එම බසය ලොරිය දෙසට ඇලවුණු බවත් එවිට මවගේ උකුලේ සිටි දරුවාගේ හිස බසයේ ජනේලයෙන් පිටතට විසිවී ලොරියේ වැදුණු බවත් මව පවසා තිබේ.

බරපතල තුවාල ලැබූ දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කළ පසු මියගොස් තිබේ.

Related articles

error: Content is protected !!