28.4 C
Galle

ඉන්දියාවෙන්, රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර ලැබෙයි

Published:

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් එවන ලද රුපියල් කෝටි 200 (රුපියල් බිලියන 2ක්) වටිනා ආධාර තොගයක් අද (22) ශ්‍රී ලංකා රජය විසින් බාරගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංක‍වේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, අමාත්‍යවරුන්වන ජී.එල්.පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන පිරිස ද එක්ව සිටියහ.

කිරිපිටි, සහල් සහ අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මෙම ආධාරවල අඩංගුවන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි. තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින්ගේ මැදිහත්වීමෙන් එකතුකරන ලද ද්‍රව්‍ය තොගයක් මෙලෙස යොමුකර තිබිණි.

Related articles

error: Content is protected !!