27 C
Galle

බඩ මහන්න නම් නූල් ගේන්න. රෝහල්වලින් ගැබිනියන්ට කියයි

Published:

දරුවකු බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් සඳහා අවශ්‍යවන මැහුම් ද්‍රව්‍ය පවා ඇතැම් රෝහල්වල නොමැති බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද (22) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එම වෘත්තීය සමිතියේ ලේකම් වෛද්‍ය ජයරුවන බණ්ඩාර පවසන්නේ වෛද්‍ය උපකරණ සහ ඖෂධවල දැඩි හිඟය හේතුවෙන් මෙවැනි තත්වයක් උදාවී ඇති බවයි. මේ වනවිට සිසේරියන් සැත්කම් ඇතුළු සැත්කම් සඳහා අවශ්‍ය මැහුම් ද්‍රව්‍ය ‍බාහිර වෙළෙඳ සැල්වලින් සපයාගැනීමට සිදුව ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ වනවිට බො‍හෝ රෝහල්වල රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාමට සිදුව ඇත්තේ පරිත්‍යාගශීලීන්ගේ උදව්වෙන් සහ රෝගීන්ම ද්‍රව්‍ය සපයාගැනීමෙන් බව ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කීවේය.

Related articles

spot_img
error: Content is protected !!