27 C
Galle

බැඳුම්කර වංචා චෝදනාවකට, කබ්රාල් අධිකරණයට කැඳවයි

Published:

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ලබන ජූලි මස 25 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (23) නොතීසි නිකුත් කළේය.

බැඳුම්කර වංචාවක් සිදුකළාය යන චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස නොතීසි නිකුත්කර ඇත.

එමෙන් ම අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගත වීම තහනම් කරමින් පනවා ඇති නියෝගය ද එදින දක්වා දීර්ඝ කර ඇත.

අධිකරණයෙන් නිකුත් කරන ලද සිතාසියක් මෙතෙක් තම සේවාදායකයාට ලැබී නැතැයි ද එබැවින් ඔහු අධිකරණයට නොපැමිණි බව ද අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින් කියා සිටියේය.

ඩොලර් මිලියන 500ක මුදලක් නිකුත් කළේ කාටද යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ද අධිකරණයෙන් නියෝග කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!