27 C
Galle

ඇමති මණ්ඩල රැස්වීමේ දී 21ට සිදුවූ දේ

Published:

අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද (23) සවස ඉදිරිපත් කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි පිටපත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට යැවීමට තීරණය කර තිබේ.

සිකුරාදා දිනයට පෙර එම පක්ෂ නායකයන්ගේ අදහස් ලබාගෙන ලබන සඳුදා (30) නැවත එම කෙටුම්පත සම්බන්ධයෙන් අමාත්‍ය මණඩල‍ රැස්වීමේ දී සාකච්ඡා කිරීමට තීරණය කර ඇත. එහි දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල තීරණය ගැනීමට නියමිතය.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේ දී කැබිනට් රැස්වීම පැවැත්විණි.

Related articles

spot_img
error: Content is protected !!