27.7 C
Galle

රජයේ සේවකයන් කාර්යාලයට කැඳවීම සීමා කරයි

Published:

රටේ පවතින අර්බුදකාරී තත්වය සැළකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ම රාජකාරී කටයුතු සඳහා පමණක් ප්‍රමාණවත් සේවකයන් කාර්යාල පරිශ්‍රයන්හි රාජකාරී සඳහා කැඳවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අනෙක් සේවකයන්ට නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමට සිදුවනු ඇත.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය හෙට (24) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කිරීමට නියමිතය.

එම ගැසට් නිවේදනය අනුව කාර්යාල සඳහා කැඳවනු ලබන සේවකයන් සංඛ්‍යාව සහ එම සේවකයන් කවුරුන් ද යන්න තීරණය කරීමේ බලය ඒ ඒ ආයතන ප්‍රධානීන්ට හිමිවනු ඇත.

Related articles

error: Content is protected !!